ලොව කිසිදු රටකින් හමු වී නැති ඩෙල්ටා ප්‍රභේද තුනක් මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙනවා. එම විකෘති ප්‍රභේදවල ප්‍රබලත්වය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාළ ප්‍රභේදයන් ක්‍රියාත්මකවන ආකාරය මෙතෙක් කිසිදු නිගමනයකට එළඹ නැහැ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ මෙතරම් සීඝ්‍රයෙන් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමට හේතුව මෙම විකෘති ප්‍රභේද හේතුවක් විය හැකි බවයි.