පවතින වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ දීත් වාහන ආනයනය කිරීම තාවකාලිකව අත් හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. නමුත් විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමට අවසර ලබා දීමට රජයේ අවධානය යොමුව පවතිනවා.
විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳා ඉදිරි අයවැයේ දී සහන සැලසීමටයි රජය සැලසුම් කර තිබෙන්නේ.
මේ අතර මෙරට තුළ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීමේ අරමුණින් ඒවාට අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථාන රටපුරා ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුවනවා. ඒ වෙනුවෙන් ජර්මනියේ ආයෝජකයෙකු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.