කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනෙකුට සහ හෙද කාර්ය මණ්ඩලයේ 105කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එසේම සෙසු සේවකයින් 192 දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන්.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගී වාට්ටු 15ක් පවතින අතර රෝගීන් 600කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබනවා. එසේම දැඩි සත්කාර ඒකකයේ ආසාදිතයින් 90 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.