
මෙම මැණික් පොකුරෙහි බර කිලෝග්‍රෑම් 510ක් වන අතර මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගුවන බව සැලකෙනවා. මෙය කුරුවින්ද කුලයට අයත් ආරුනුල් මැණික් පොකුරක් වන අතර සෙරන්ඩිපිටි නිල් මැණික් ලෙස නම් කර තිබෙනවා.
මෙම නිල් මැණික් පොකුර සුදු පැහැයට හුරු නිලකින් යුක්ත වනවා. වෙළඳපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් වන බවයි පැවසෙන්නේ.