සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයේ 95%ක ප්‍රතිදේහ ගොඩනැගෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
සීනෝෆාර්ම් කොවිඩ් එන්නත මාත්‍රාවන් දෙකම ලබා ගත් වයස අවුරුදු 20-39ත් අතර පසුවන පුද්ගලයින්ගේ ප්‍රතිදේහ මට්ටම 98.9%ක් වන අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් අතර ප්‍රතිදේහ මට්ටම 93.3%ක් ලෙස සඳහන්ව තිබෙනවා.
එසේම සයිනොෆාම් එන්නත මඟින් මේ වන විට සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවයි පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන ඇත්තේ.