
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් එළඹෙන සතියේ තවත් වාර්තා විය හැකි බව ඔහු තව දුරටත් අවධාරණය කරනවා.
දැනටමත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් එන්නත් ලැබී ඇත්තේ 20% ට ආසන්න පිරිසකට පමණක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එවැනි පසුබිමක ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බව සඳහන් කරනවා.
මෙවන් අවස්ථාවකදී පළමුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දීම සාර්ථකව අවසන් කළ යුතු බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඉන්පසු අනෙක් වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබා දිය යුතු බව පෙන්වා දෙනවා.