දැනට ඇති දත්ත වලට අනුව කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සිටින බවට සැක කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවනවා.
ආසාදිතයින්ගේ ඛේට සාම්පල පරීක්ෂා කිරීමේ දී ඒවායේ ඇති වෛරස් සාන්ද්‍රණය ඉතා ඉහළ බවත් ඩෙල්ටා ප්‍රභේදය බෝවෙන ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක ඇති නිසා වැඩිකල් නොගොස් මෙරට තුළ 50%කට වඩා ජනතාවට ඩෙල්ටා වෛරසය ආසාදනය විය හැකි බවත් සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.
මාසයක් හෝ සුමාන දෙකක් ඇතුළත දී මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය දිවයින පුරාම පැතිර යා හැකි බව ඇය වැඩි දුරටත් පවසනවා.