දැනට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නතේ මාත්‍රා 26,000 ක ප්‍රමාණය හෙට (07) සිට පුද්ගලයින්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට පියවර ගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ටයි.
ඒ අනුව කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල වයස් කාණ්ඩය අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ට මෙම එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීම සිදු කරනවා.
ඒ ඒ කලාපවල පදිංචි අදාළ වයස් කාණ්ඩයේ පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දෙන දිනය, වේලාව සහ ස්ථානය දුරකතන කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමට නියමිතයි.