ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස් සැපයීම සිදු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා.
මෙරට ගෘහස්ථ ගෑස් පරිභෝජනයෙන් 20%ක් පමණ වූ ප්රමාණයක් සපයනු ලබන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය කිරීම නවතා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම තත්ත්වය ආවරණය කිරීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම සතුව හැකියාව පවතින බවයි සභාපතිවරයා එම නිවේදනයේ සඳහන් කරන්නේ.