
අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් බස් රථ තුළ ගමන් කිරීමට මගීන් වගකීමෙන් කටයුතු කල යුතු බව අමාත්‍යවරයා පවසනවා. නව ප්‍රභේද ව්‍යාප්තවීමේ වේගය ඉතා වැඩි නිසා එක් ආසාදිතයෙක් හෝ බස් රථයක සිටීමෙන් මුළු බස් රථයේම ගමන් කල අයට වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.
පෞද්ගලික බස් හිමියන් සහ සේවකයින් එන්නත්කරණයට ලක් කිරීම ඊයේ දිනයේ දී සිදු කෙරුණා. මේ අතර ලබන අගෝස්තු මාසයේ සිට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කිරීමට නියමිතයි.
එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට හැඳුනුම්පතක් නිකුත් කරන ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතයි.