
ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් 169 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ අතර ක්‍රීඩික ක්‍රීඩිකාවන් ද සිටිනවා.
ටෝකියෝ නුවර ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි රෝහල්වල කටයුතු වලට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ නිසා ටෝකියෝ නුවරට ආසන්න තවත් ප්‍රදේශ තුනකට ද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස එම ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පවතින තත්ත්වය යටතේ ඔලිම්පික් තරඟ රූපවාහිනිය ඔස්සේ නරඹන ලෙසත් හැකිතාක් නිවෙස් තුළ රැඳී සිටින ලෙසත් ජපන් බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.