
ලොවම කොරොනා වසංගතයෙන් දරුණු ලෙස පීඩා විදින මෙවන් මොහොතක කොරෝනා වෛරසය ආරම්භ වූ චීනය උත්සව සමරන බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. අදට යෙදී ඇති චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් ඔවුන් උත්සව රැසක් සංවිධානය කර තිබුණා.
එම උත්සවවලට දහස් ගණනින් ජනයා එක් රැස් වී තිබුණු අතර එසේ රැස් වූ චීන වැසියන් කිසිවෙකුත් හෝ මුව ආවරණ පැළඳ නැහැ. ඔවුන් නිදහසේ සතුටු වන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් විදෙස් මාධ්‍ය වාර් තා කර තිබෙනවා.