විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සිදු කෙරෙනවා.
විශේෂයෙන්ම විදේශ විශ්ව විද්‍යාලවලට අයදුම්පත් ලබාගෙන මේ වන විට ඒ ප්රවේශයන්ට යාමට බලාපොරොත්තුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පසුගිය කාලය පුරාවට නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් එන්නත් ලබා දීම සිදු කල අතර මේ වන විටත් එම සේවාව පවත්වාගෙන යන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඊට අමතරව විදේශ රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට අද (28) සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් ලබා දීමට පියවර ගන්නා බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ.