ඉන්දීය ජාතිකයින් 40 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවට කො‍ටුවෙයි

න්දියාවේ කොරෝනා වසංගතය ඉතා දරුණු අන්දමින් පැතිර යාම හේතුවෙන් එම අවදානමෙන් බේරීම සඳහා මන්නාරමට ඇතුළු වීමට උත්සාහ දැරූ ඉන්දිය ජාතිකයින් 40 දෙනෙකු නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා. ධීවර යාත්‍රා 4ක් යොදා ගනිමින් ඔවුන් මෙසේ ලංකාවට ඇතුල්වීමට උත්සාහා දරා ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම පුද්ගලයින් 40 දෙනා නැවත ඉන්දියාවට ආපසු හරවා යැවීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. ඒ ඔවුන් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකායට දැනුම් දීමෙන් අනතුරුවයි. 

පැය 24 පුරාම මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu