එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා වහාම යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
මෙම ක්‍රීඩකයින් දෙදෙනා රාත්‍රී කාලයේ දී එංගලන්තයේ Durham හී වීදි සංචාරයක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟම ඒ පිළිබඳව දැඩි කතා බහක් ඇති වුණා.
ඒ අනුව, මොවුන් දෙදෙනා වහාම යළි මෙරටට කැඳවීමට පිඅයවර ගත් බවත් මේ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර් ග ගන්නා බවත් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසනවා.