
එසේ පැතිරයාම වැළැක්වීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
පවතින වර්ෂාපතනය අඩු වී කැළණි ගඟේ ජල මට්ටම ද අඩු වීමේ දී පට්ටිවෙල ඇල හරහා මෙම දැවි තෙල් කැළණි ගඟට එක් වීමේ අවදානමක් පවතිනවා. එසේ මෙම දැවි තෙල් කැළණි ගඟට මිශ්‍ර වුවහොත් කැළණි ගඟෙන් ජලය ගන්නා බියගම සහ අඹතලේ ජලපවිත්‍රාගාර වලින් බෙදා හරින පානීය ජලයට යම් බලපෑමක් වන බව වාර්තාවල සඳහන්.
ඒ හේතුවෙන් නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දැවි තෙල් මිශ්‍රිත ඉන්ධන පැතිරයාම වැළැක්වීමේ මෙහෙයුම දියත් කර ඇති අතර පාවෙන ඉන්ධන බාධක යෙදීමත් දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් මඟින් පෙරා ඉවත් කිරීමත් එහිදී සිදුවනු ඇති.