
ඒ අනුව, අමෙරිකානු ඩොලර් මිලියන 40ක මූලික වන්දි මුදලක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් අය කර ගැනීමටයි තීරණය වී ඇත්තේ.
එසේම නෞකාව ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වීම නිසා පරිසරයට ඇති වූ හානිය ගණනය කිරීම පංච පුද්ගල අමාත්‍ය කමිටුවක ප්‍රධානත්වයෙන් සිදු කිරීමට මෙහිදී තීරණය කළා. එම ගණනය කිරීම සඳහා අවශ්‍යනම් ජාත්‍යන්තර උපදෙස් ලබා ගැනීමට ද මෙහිදී තීරණය කරනු ලැබුවා.