ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ළමුන් සඳහා අනුමත කල එන්නතක් මෙරට පාසැල් සිසුන්ට ද ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.
පාසැල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සම්බන්ධයෙන් පසුගිය දා සාකච්ඡාවක් පැවති අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. නමුත් මෙතෙක් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව ලේකම්වරයා වැඩි දුරටත් පවසා තිබුණා.
එලෙස පාසැල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන්නේ නම් පළමුව 5 ශ්‍රේණියේ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එන්නත ලබා දීම සුදුසු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.