ඊයේ (10) දිනයේ දී පමණක් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 101ක් ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.
ඒ අනුව දැනට මෙරටින් වාර්තා වී ඇති කොව්ඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 2011 ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඉන් පුද්ගල මරණ 527ක්ම වාර්තා වන්නේ ගත වූ දින 10 තුළයි.
ඊයේ දිනයේ දී ආසියාවේ රටවල් අතරින් වැඩිම මරණ සංඛ්‍යාව සිදු වූ 5වන රට වන්නේ ශ්‍රී ලංකාවයි. එසේම ලෝකයේ වැඩිම මරණ සිදුවූ රටවල් අතර 15වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන්.