මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නැවතත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මැයි 21 සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 අළුයම 4 දක්වා ද නැවත මැයි 25 අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 සිකුරාදා උදෑසන 4 දක්වා ද දිවයින පුරා බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බවයි ඔහු සඳහන් කරන්නේ.