සෞඛ්‍ය අංශ වල උපදෙස්වලට අනුව කොරෝනා ව්‍යාප්තිය බහුල ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම සංචරණ සීමා පැනවෙනු ඇති.
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වනදා දක්වා පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබුවා.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ දී පෙර ක්‍රියාත්මක කළ හැඳුනුම්පත් අංකය මත නිවසින් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා බැහැර වෙන ක්‍රමවේදය බලාත්මක කිරීමට තීරණය කර ඇති බවත් එය ඉදිරි දිනක දී ප්‍රකාශයට පත් කරන බවත් හමුදාපතිවරයා පවසා තිබෙනවා.