නිල්වලා සහ ගිං ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය මත එම ගංගාවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
එසේම මෙම ගංගාවල ධාරා ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ ද තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා ඇති බැවින් ඉදිරි පැය කිහිපය තුළ එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එම නිවේදනය පහතින්.
මේ අතර ජාතික ගොඩනැගිලි පර් යේෂන සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමක් සහිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.