සංචරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම් දීමක් කර තිබෙනවා.
එම ජංගම රථ සේවා නිසියාකාරව නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව 1965 ඔස්සේ අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක කෙටි පණිවිඩ අංශයට දැනුම් දෙන ලෙස ජනතාව දැනුවත් කර සිටිනවා.
ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගන යන ජංගම වෙළඳ රථ සඳහා භාණ්ඩ ලබා ගැනීමට මැයි 30 සහ මැයි 31 යන දින දෙකේ ආර් ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.