gossiplanka alexa නේපාලයේ කොරෝනා වසංගතය ඉන්දියාවට සමාන වන ලකුණු, මළ සිරුරු සමූහ අදාහනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නේපාලයේ කොරෝනා වසංගතය ඉන්දියාවට සමාන වන ලකුණු, මළ සිරුරු සමූහ අදාහනයට

nepal corona virus rapidly spreadනේපාලය ද ඉන්දියාව මෙන්ම කොරෝනා වසංගතයේ දැඩි බලපෑමට ගොඳුරුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෛනිකව කොවිඩ් වෛරසය ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හඳුනාගැනීම හේතුවෙන් රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිව නේපාල වැසියන්  දැඩි අර් බුදයකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කරන්නේ. 

මේ වන විට නේපාලයෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් 497,052ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 6024ක්. ඉන් 374,836ක් සුවය ලබා තිබෙනවා. 

රෝහල් ‍රැසකම ඇඳන් රෝගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන් එක් ඇඳක ආසාදිතයින් කිහිප දෙනෙකුම රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බව පැවසෙනවා. එසේම විශාල වශයෙන් ඔක්සිජන් හිඟයක් ද පවතින බවද වාර්තා වනවා. සෞඛ්‍ය පහසුකම් අභිබවා රෝගීන් වාර්තා වීම හේතුවෙන් රෝහල්වල රථගාල් පවා කොවිඩ් ආසාදිතයින් රඳවා තැබීමට යොදා ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ. 

එසේම දෛනිකව කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඉහළ යාම හේතුවෙන් මරණ ආදාහනය සම්බන්ධයෙන් ද ගැටළු මතුවී තිබෙනවා. ඒ හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සමූහ වශයෙන් ආදාහනය කරන බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu