ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමය ද එම අරමුදලට දායකත්වය සපයන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටිනවා.
ජනතාවද අනිවාර් යයෙන් මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සපයා දිය යුතුවා මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද සෞඛ්‍ය අමාත්‍යංශයට මූල්‍යමය දායකත්වය ලබා දිය යුතු බව එම සංගමය පවසනවා.
පවතින වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමන් වියදම් සහ වෙනත් වියදම් ද අඩුවී ඇති බැවින් මානව හිතවාදී සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවම වශයෙන් සිය මසක හෝ දෙකක වැටුපවත් මෙම අරමුදලට පරිත්‍යාග කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමය ඉල්ලා සිටිනවා.
බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන පුද්ගලයින් බවයි එම සංගමය පවසන්නේ.