ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන නවතම කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු ලංකාවෙන් හමු වී තිබෙනවා. B.1.617 නම් වූ මෙම වෛරසය ආසාදිත පුද්ගලයා සොයා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.
නිරෝධායන මධ්‍යස්ථානයකින් පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් මෙම වෛරසය හඳුනාගත් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.