''අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ නිවසේ ‍රැස්කරගන්න''- යුද හමුදාපති

මැයි 22,23, සහ 24 දිනයන්හි රට තුළ පූර්ණ සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් මැයි 25 දින පැය 19කට සංචරණ සීමා ලිහිල් වෙන නමුත් එදින රාත්‍රී 11ට යළි පැනවෙන සංචරණ සීමා මැයි 28 උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වන බවත් දන්වමින් පසුගියදා නිවේදනයක් නිකුත් කෙරුණා. 

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාරපාන ආදිය මේ දින කිහිපයෙහි නිවෙස් තුළට ‍රැස්කර තබා ගන්නා ලෙසයි. සතියකට ආසන්න කාලයක් සංචරණ සීමා පනවන බව කල් තියා දැනුම් දුන්නේ එසේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ‍රැස්කර තබා ගැනීමට බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පවසනවා. 

පවතින කොරෝනා වසංගත තත්ත්වට පාලනය කිරීමට මෙලෙස දීර් ඝ සංචරණ සීමා පැනවූ බවත් ඒ මහතා කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu