සංචරණ සීමා ජූනි මස 07වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. ඒ අනුව මැයි 31 සහ ජූනි 04 වන දිනයහි සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය අවලංගුවනවා.
ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හරහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි හමුදාපතිවරයා පවසන්නේ.