
ලෙස වරායට ඇතුල්වන නෞකාවේ ඇති ප්‍රවාහන භාණ්ඩ පිළිබඳව කල්තියා දැනුම් දීමක් සිදු කල තිබුණත් අදාළ දේශීය ඒජන්තවරයා ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු කල නැහැ.
පසුව නෞකාව හම්බන්තොට වරායට පැමිණි පසු අනාවරණය වී ඇත්තේ එම නෞකාවේ ''යුරේනියම්" නම් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බවයි.
හම්බන්තොට වරායේ ප්‍රධාන පාලක නිලධාරිවරයා විසින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව ඒ පිළිබඳව පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම නෞකාව වහාම වරායෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.