දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස් රථ වලට සහ ගිලන් රථ වලට පමණක් ලෙස සීමා කර තිබෙනවා. ඒ කොට්ටාව පිටවීමේ පර්යන්තයේ සේවය කරන සේවකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා කහතුඩුව සහ අතුරුගිරිය භාවිතා කරන ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ. අද උදෑසන 7 සිට මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වනවා.
එසේම කොට්ටාව පිවිසුම් මාර්ගයෙන් ඕනෑම වාහනයකට ඇතුල් විය හැකි අතර එහිදී එම වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බව ද බලධාරීන් දන්වා සිටිනවා.