පසුගියදා දංකොටුව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගත් පිළිකාකාරක පොල්තෙල් අඩංගු බවට සැක බවුසර් දෙකෙහි තිබූ පොල්තෙල්වල අෆ්ලටොක්සින් අඩංගු බව තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දුන් අදාළ පොල්තෙල් සාම්පලවල වාර්තා අනුව ඒවායේ ඇෆ්ලටෝක්සින් අඩංගු බව සනාථ වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසනවා.
මේවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයාටසහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය වෙත ද යොමු කර ඇති බවත් එම වාර්තා ද ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.
මේවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයාටසහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය වෙත ද යොමු කර ඇති බවත් එම වාර්තා ද ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.