
මෙසේ පැමිණෙන සැදැහැවතුන්ට කොවිඩ් වෛරසයේ සැබෑ තත්ත්වය හෙළි නොකර ලෙස මාධ්‍යවේදීන්ට දේවාල කපු මහතුන්ගෙන් බලපෑම් එල්ලවන බව ද තොරතුරු වාර්තා වනවා.
මේ වන විට තිස්ස කතරගම ප්‍රදේශය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු සොයා ගෙන තිබෙනවා. දිවුලපිටිය ප්‍රදේශයෙන් කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් කන්දෙ විහාරය ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන තිබෙන අතර එම නවාතැන ආශ්‍රිතව මෙම ආසාදිතයින් පිරිස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එසේම කතරගම ගම් උදා භූමියේ ද ඊයේ රාත්‍රියේ දී සංගීත සංදර්ශනයක් පවත්වා ඇති බව වාර්තා වනවා.
අනුරධපුර පූජා භූමියට ද ඊයේ දිනයේ දී විශාල පිරිසක් පැමිණ ඇති අතර අහඹු ලෙස සිදු කල පී.සී.ආර් හා ඇන්ටිජන් පරීක්ෂණ වලදී වන්දනා නඩයක ප්‍රධානියෙකු ද කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා.