
පේශිවල වේදනාව, හිසරදය, ඇස් රතුවීම, සමේ කුෂ්ඨ මතුවීම, බඩරිදීම, පාචනය වැනි රෝග ලක්ෂණ උණත් සමඟ ඇති වීමට හැකියාව තිබෙනවා.
ආසාදිතයෙකු
රෝහලට ගෙන ඒම ප්‍රමාද වුවහොත් එම පුද්ගලයාගේ ජීවිතය අනතුරේ හෙළීමක් විය
හැකි බව වෛද්‍යවරු පවසනවා. තරුණ පිරිසට වැඩියෙන් ආසාදනය වීමේ ප්‍රවණතාවයක්
ඇති මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින්ට ඔක්සිජන් සැපයීම ප්‍රමුඛ
අවශ්‍යතාවයක් වනවා.
දැඩි
සත්කාර ඒකකවල ඉඩ පහසුකම් ද ආසාදිතයින් වාර්තාවන ප්‍රමාණයට වඩා අඩු බැවින්
ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි විශේෂඥයින් පෙන්වා දෙනේ.