බස්නාහිර පළාතේ සියළු පාසැල් පසුගිය 15 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් 19 වන තෙක් කල් ගියා.
එහෙත් එළඹෙන මාර්තු 29 වන සඳුදා සිට එම සියළුම ශ්‍රේණි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහාඅවසර ලබා දීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරනවා.