
එහෙත් මෘතදේහ භූමිදානය කිරීමට සුදුසු ස්ථානයක් හඳුනාගැනීම ඇතුළු කරුණු කිහිපයක් නිරාකරණය කර ගන්නා තෙක් කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය කිරීමට නොහැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් මේවන විට කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කිරීමට ඉරණතිව් දූපත සුදුසු බව හඳුනාගෙන ඇතැයි රජය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව විසින් එම ප්‍රදේශය භූමිදාන කටයුතු සඳහා සුදුසු බව හඳුනාගෙන ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.