
එම කොරෝනා මර්ධන එන්නතෙහි එක් ඇසුරුමක මිලිලීටර් 6.2ක් අඩංගුව පවතිනවා. එයින් භාවිතා කරන්නේ 0.5 ක පමණක් බව වෛද්‍යවරුන් චෝදනා කරනවා. ඉතිරි කොටස භාවිතයට නොගෙන ඉවත් කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
වෛද්‍යවරුන් පවසන්නේ මෙම එක් ඇසුරුමකින් පුද්ගලයින් 12 දෙනෙකුට එන්නත්කරණය සිදු කල හැකි බවයි.
මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ එම එන්නත නිෂ්පාදනය කරන සමාගම දක්වා ඇත්තේ එයින් මිලි ලීටර් 0.5ක ප්‍රමාණයක් භාවිතා කරන ලෙස බවයි.
නමුත් වෛද්‍යවරු පවසන්නේ එසේ කිසිදු නිර්ණායකයක් එම සමාගම සඳහන් කර නොමැති බවයි.