
හැකි ඉක්මනින් සියළුම රටවල්වල ජනතාවට එන්නත ලබා දීම සඳහා ගෝලීය වශයෙන් උත්සායහක් ගත යුතු බව ලේකම්වරයා අවධාරණය කරනවා.
රටවල් 130කට මේ වන තෙක් එකදු එන්නත් මාත්‍රයක් හෝ ලැබී නොමැති බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉහළ පෙළේ රැස්වීමක් අමතමින් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ප්‍රකාශ කර සිටියා.
වසංගත තත්ත්වයක් පැතිරයන මෙවන් බරපතල අවස්ථාවක ගෝලීය ප්‍රජාව ඉදිරියේ ඇති දැවැන්තම සාදාචාර පරීක්ෂණය වන්නේ එන්නත් සමානාතමතාව වන බව ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී පවසා තිබෙනවා. එන්නත් බෙදියෑමේ සමානාතමතාවක් ඇති කිරීම සඳහා කඩිනම් ගෝලීය එන්නත්කරණ සැලසුමක් සකස් කරනලෙස ගුටරේස් මහතා විද්‍යාඥයින්, එන්නත් නිෂ්පාදකයින් සහ මූල්‍ය සහාය දිය හැකි පාර්ශවවලින් ඉල්ලා සිටිනවා.