ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු , ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවැත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශේෂ තීරණ 5ක් ගනු ලැබුවා.
- නව තේරීම් කමිටුවක් පත් කිරීම
- තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරඟාවලියක් පැවැත්වීම
- විනය හා ශාරිරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය ලබා දීම
- දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීම
- ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකවරයෙක් පත්කිරීම
මේ අතර තම පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වීමට අසන්ත ද මෙල් ඊයේ තීරණය කර තිබෙනවා. නව ක්‍රිකට් තේරීම් කමිටුවක් අද දිනයේ දී පත් කිරීමට නියමිතයි.