නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ''බුරවි'' සුළි කුණාටුව අද (දෙසැම්බර් 02) පෙ.ව 5.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථාන ගතව පැවතුණා. මෙම සුළි කුණාටුව අද රාත්‍රී 7.00 ත් 10.00 ත් අතර කාලයේදී බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරු දුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළින් දිවයිනට ඇතුල්වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.
මේ අතර දිවයිනට බලපවත්වනු ඇතැයි අනතුරු අඟවා ඇති අයහපත් සුළි කුණාටු කාලගුණ තත්ත්වය මත ඇති විය අහෙකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්නා මෙන් රජය විසින් අදාළ පාර්ශව වෙත නිවේදනය කර සිටිනවා.