
සිද්ධියෙන් පසුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය, අධිකරණයට කරුණු පැහැදිලි කිරීමත් සමඟම පානදුර මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියෝග කළා.
ඒ අනුව අද උදෑසන අත් අඩංගුවට ගත් පුද්ගලයා ලබන 17 දක්වා රිමාන්ඩ් කරනු ලැබුවා. අදාළ නඩු විමසීමේ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු බව සඳහන්.
නිරෝධායන පනත සහ රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ නඩුව ගොනු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.