කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ජපානයෙන් සහ ප්‍රංශයෙන් ද හඳුනාගෙන තිබෙනවා.බ්‍රිතාන්‍යයතුළ සීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරසය අනෙක් රටවල්වලට ද පැතිර යාමේ ප්‍රවණතාවයක් දක්වනවා.
ජපානයෙන් මෙම වෛරස ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රංශයෙන් පළමුවරට මෙම වෛරසය ආසාදිතයැයි හඳුනාගත් පුද්ගලයා ද බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ප්‍රංශ ජාතිකයෙක්.
ජපානය මේ වන විටත් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන පුද්ගලයින්ට සංචාරක තහනමක් පනවා තිබෙනවා.