
මෙසේ අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති බැවින් රට වසා දමන්නේ ද නැද්ද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය රජය මතභේදාත්මක තත්ත්වයක පසුවනවා.
මේ අතර බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ට ආසාදනය වී ඇත්තේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඔවුන් දෙදෙනා පසුගිය 22වන දින බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආ ගුවන්යානයෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.