
ඒ අනුව ශ්‍රී ලංකාවේද කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඉහළ යෑමේ අවදානමක් පවතින බව එමසංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කර සිටිනවා.
කොවිඩ් ආසාදිත පොකුරු කොළඹ නාගරික ප්‍රදේශයේ දිනපතාම වැඩි වෙමින් පවතින නිසා කොළඹ නාගරික බල ප්‍රදේශයේ සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාවේ ද ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ඔහු පවසනවා.
මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ අතරින් කොළඹ ප්‍රදේශයේ සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවේ ඉහළ අගයක් පෙන්නුම් කරන බවද හරිත අලුත්ගේ වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා.
'මව්බිම'