මහර බන්ධනාගාරයේ රැඳවියන් ඇති කළ නොසන්සුන්තාවය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙක් මිය ගොස් ඇති බවත් 117 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
තුවාල ලැබූවන් අතර දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වනවා. රාගම රෝහලේ රැඳවියන් 80ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබන අතර රැඳවියන් 24 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙත යොමු කර තිබෙනවා. එක් රැඳවියෙ කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.
මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමේ දී හෙළි වී ඇත්තේ ඉන් 09දෙනෙකුටම නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ වන විට මහර බන්ධනාගරය ඇතුලත නිදැල්ලේ සිටින රැඳවියන් සියළු දෙනාම ඔවුන්ගේ සිර මැදිරි සහ වාට්ටු තුළට ඇතුළත් කර ඇති ඇති බව සඳහන්. ඒ සඳහා විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරින් 600ක ගේ කණ්ඩායමක් යෙදවූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.