
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් මෙම සුළි කුණාටුව පිළිබඳව දැඩිව අවධාරණය කර ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඇතිවිය හැකි සුළි කුණාටු තත්ත්වය මත අවතැන් වන ජනතාව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි සෞඛ්‍ය ආරක්ෂිතව රඳවා තැබීමට සියළුම පාසැල් යොදා ගැනීමටයි තීරණය වී ඇත්තේ. එසේ අවතැන් කඳවුරු පවත්වාගෙන යන පාසැල් තුළ එක් පවුලකට එක් පංති කාමරයක් වෙන් කරන ලෙස ආණ්ඩුකාරවරිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය මත නියමිත දිනට අ.පො.ස සා/පෙළ විභාගය පැවැත්වීමට නොහැකි බවටත් විභාගය පවත්වන දින යන් සති 06කට පෙර දැනුම් දීමට කටයුතු කරන බවටත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
දෙසැම්බර් මාසයේ පළමු සතිය වන විටත් දිවයිනේ සියළුම පාසැල් විවෘත කිරීමට හැකියාවක් නොමැති වීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.