
එම එන්නත සියයට 70ක පමණ සාර්ථකත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහෙත් එන එන්නත පහසු මිලකට මිල දී ගත හැකි බවත් පහසුවෙන් ගබඩා කර තබා ගැනීමේ හැකියාව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම එම එන්නත ලොව ඕනෑම ස්ථානයකට බෙදා හැරීමට ඇති හැකියාව විශේෂ පහසුකමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම එන්නතින් මාත්‍රා මිලියන 100ක් බ්‍රිතාන්‍ය රජය විසින් දැනටමත් ඇණවුම් කර තිබෙන අතර එම එනත භාවිතයට අනුමැතිය හිමි වුවහොත් කොවිඩ් - 19 වෛරසය මැඬපැවැත්වීමට එය මහත් රුකුලක් වනු ඇති බවට අපේක්ෂා කරනවා.