
එසේ ආරම්භ වූ නොසන්සුන්තාවය මේ වන විට තවත් උත්සන්න වී ඇති බව සඳහන්. තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම අතිරේක පොලිස් බට කණ්ඩායමක් ද යෙදවීමට සිදු වුණා.
නොසන්සුන්තාවයට පත් වූ රැඳවියන් ඊයේ රාත්‍රියේ දී බන්ධනාගාරයේ මුලුතැන්ගෙට සහ ලේඛණාගාරයට ද ගිනි තබා තිබුණා. එසේම රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු සිය ග්‍රහණයට ගෙන තිබූ අතර ගිනි නිවන සහ කැරලි මර්ධන හමුදාව ද තත්ත්වය පාලනය කිරීමට යෙදවූවා.
බන්ධානාගාරයේ පිටත ආරක්ෂාවට මේ වන විට නාවික හමුදාව යොදවා ඇති බව සඳහන්.