ඇතැම් පුද්ගලයින් සහ මාධ්‍ය මඟින් පවසන පරිදි ''කොරොනා රෝගීන් ප්‍රතිකාර ලබා සුවය ලැබුවා'' ලෙස කීමට කිසිදු හැකියාවක් නැති බව මහාචාර්යවරයා පවසනවා. ප්‍රතිකාර ලැබූ පසු සම්පූර්ණ සුවය ලබා නිවෙස් බලා යනවා යැයි පැවසීම ඇත්තක් නොවන බවත් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ රෝගීන් රෝහලේ තබාගෙන සිට පී.සී.ආර් පරීක්ෂාවන් අනුව රෝගය නැති බව තීරණය වීමෙන් පසුව ඔවුන් නිදහස් කිරීම බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් පවසනවා.
''ඔවුන් බොහොමයක් දෙනාට ඇත්තටම රෝගය තිබිලත් නැහැ. මෙතැනදි අපි ප්‍රතිකාර කරන්නේ රෝගයට නෙමෙයි. මේ රෝගය නිසා පෙනහළු ආසාදනය වෙල හුස්ම ගන්න බැරි වුණොත් අපි ඒ රෝගී ලක්ෂණවලට අදාළ උපකාර ක්‍රම ලබා දෙනවා.
උදාහරණයක් හැටියට පෙනහළු අක්‍රිය වුණොත්, කෘතිමව ශ්වසනය කරන්න අවස්ථාව ලබා දෙනවා. කොරෝනාවලින් බොහෝ වෙලාවට මිනිස්සු මැරෙන්නේ පෙනහළු ආශ්‍රිත වෙනත් රෝග තත්ත්වයන් නිසයි. පෙනහළු අක්‍රිය වුණාම කරන්න පුළුවන් එකම දේ තියෙන්නෙ දැඩි සත්කාර ඒකකවලයි.
එතැන හැර වෙන කිසි තැනක ඒ දේ කරන්න පහසුකම් නැහැ. අපි දන්න තරමින් නම් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මේ රෝගයට ප්‍රතිකාරයක් අනෙහැ. දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලින් කොරෝනා සුවපත් කරන්න පුළුවන් කියලා සහරු කියනවනෙ. දේශීය ඖෂධවල කිසියම් විශේෂත්වයක් තියෙනවා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම, ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සඳහා ඒ ඖෂධවල හැකියාවක් තියනවා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එවැනි ඖෂධවලින් කොරෝනා සුව කරන්න පුළුවන් කියලා තවමත් තහවුරු කර ගෙන නැහැ'' මහචාර්යවරයා පවසනවා.
මූලාශ්‍ර : මව්බිම පුවත්පත