45 වන කොරෝනා මරණය මාළිගාවත්තෙන් වාර්තා වෙයි

කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මියගොස් ඇති බව වාර්තා වනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී දක්වා ඇත්තේ ඇය මිය යාමට හේතුව කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයක් ලෙසයි.

මෙය කොවිඩ් - 19 හේතුවෙන් මෙරටින් වාර්තා වූ 45 වන මරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu