41 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි, අද දිනයේ දී තහවුරු වූ මරණ විස්තර

මෙරටින් 41 වන කොරෝනා මරණය ද වාර්තා වනවා. මියගිය පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක්.

ඔහු මිය ගොස් ඇත්තේ නිවසේ දී වන අතර රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම රෝගියා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු කරගෙන තිබෙනවා. ඔහුට දීර්ඝ කාලීන පිළිකා රෝගී තත්ත්වයක් ද තිබී ඇති බව සඳහන්.

ඒ අනුව අද දිනයේ දී කොවිඩ් -19 වෛරසයෙන් මිය ගිය ලෙස තහවුරු වූ මරණ සංඛ්‍යාව 5 කි. මිය ගිය අනෙක් පුද්ගලයින් සිව්දෙනාගේ විස්තරය පහතින්, 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu